බඹර නාදේ (නිහඬ ගමනේ) ගී පද:භාචි සුසාන් සින්දු සහ සංගීතය සිංහලෙන්

About බඹර නාදේ (නිහඬ ගමනේ) Song Lyrics

Songබඹර නාදේ (නිහඬ ගමනේ)
Singer
Views288

බඹර නාදේ (නිහඬ ගමනේ) ගී පද

නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ…
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ..

බඹර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවඳ වාගේ..
බඹර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවඳ වාගේ..

හ හ හ හා – හ හ හ හා
හ හ හ හා – හා හා
හො හො හො හෝ
හො හො හො හෝ
හො හො හො හෝ

ප්‍රාර්ථනා තවරා – ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ…
හිනැහෙනා කල්පනා..
ඔබ නිසයි ජීවිතේ…

ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
රහස නොහැඟේ මගෙම ලදුනේ…

දෑත් විදා ලමැදේ – ආදරේ
දෙන්න විදගන්න රිසිසේ..
නිමනොවේ කිසිදිනේ..
පෙම් පැතුම් මා හදේ…

ලබන හැම ආත්මයම ඔබගේ..
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පනට පන දී මදිවි කතරේ..
නොයමි රහසේ රකිමි පනසේ..

නිහඬ ගමනේ මේ තරම් දුර
ඇවිද අපි එක වාගේ…
මිහිරි මතකේ සැරිසරා නුබ
නවාතැන් ගෙන දෑසේ..

බඹර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවඳ වාගේ..
බඹර නාදේ ඇසෙන මානේ
රැදෙනු මාගේ සුවඳ වාගේ..

බඹර නාදේ (නිහඬ ගමනේ) ශ්‍රී ලාංකීය සිංහල ගී පද

භාචි සුසාන් බඹර නාදේ (නිහඬ ගමනේ) lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply