සයිමන් අයියයි මාටින් අයියයි ගී පද:ප්‍රනාන්දු M.S. සින්දු සහ සංගීතය සිංහලෙන්

About සයිමන් අයියයි මාටින් අයියයි Song Lyrics

Songසයිමන් අයියයි මාටින් අයියයි
Singer
Lyricist‎ කරුණාරත්න අබේසේකර
Composer ජි.එල්.ඒ.සෝමපාල
Views322

සයිමන් අයියයි මාටින් අයියයි ගී පද

සයිමන් අයියයි මාටින් අයියයි
හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි
එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට
කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින්
මේ ගමෙ පදින්චි වෙන්නා

සයිමන් අයියයි මාටින් අයියයි
හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි
එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට
කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින්
මේ ගමෙ පදින්චි වෙන්නා

හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා

දවසක් දෙන්න ගමනක් ගොස්
මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි
ඒ තරුනි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ
අර සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවාසේ
මාටින් අයියත් සිතුවේ

වැදුනා දෙන්නටම විසාල සැකයක්
හිත ඇතුලට වැදුනා
සිතුනා බලන්නට තනියම ඇවිදින්
දෙන්නාටම සිතුනා
සයිමන් අයිය දැන් එන්නේ
මාටින් අයියා නැතුවයි
මාටින් මේක ගැන දන්‍නෑ
එයත් එන්නෙ තනිවයි

සයිමන් අයියයි මාටින් අයියයි
හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි
එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට
කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින්
මේ ගමෙ පදින්චි වෙන්නා

හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා

තරගේ දෙන්නගෙ අ‍තරේ
දවසින් දවසට මෝරයි
ඇදුමෙන් පැලදුමෙන් වගේ
සැන්ට් පවුඩර් සුවද හමයි
දවසක් දෙන්න මුන ගැසුනේ
මේ තරුනිගෙ නිවස ලගයි
තරුනී දොරකොඩ සිටියේ
තම සැමියා සමගයි

තරුනන් දෙන්න අර යන්නේ
සැමියනි හරි කරුනාවන්තයි
මෙතනින් යනකොට කොයිවෙලාවටත්
යන්නේ හිනාවෙලයි
ඈ නම් විවිහාක ලදකී
තරුණියක් වගේ පෙනුනේ
එනමුත් බොහොම ගණවන්තයි
කා සමගත් සිනාසුනේ

එතැනින් දෙන්නටම දැනුනේ
දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා
තාමත් හොද මිතුරො තමයි

සයිමන් අයියයි මාටින් අයියයි
හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි
එකවගෙ අදින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට
කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින්
මේ ගමෙ පදින්චි වෙන්නා

හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා
හරි ලස්සන කෙල්ලෙක් උන්නා
..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා

සයිමන් අයියයි මාටින් අයියයි ශ්‍රී ලාංකීය සිංහල ගී පද

ප්‍රනාන්දු M.S. සයිමන් අයියයි මාටින් අයියයි lyrics are property and copyright of their owners. Lyrics provided for educational purposes and personal use only.

Leave a Reply